උද්ඝෝෂණයේ නිරත වු සජබ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි පොලීසියට උපදෙස් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

උද්ඝෝෂණයේ නිරත වු සජබ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි පොලීසියට උපදෙස් !

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයේ නිරත වු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය තලංගම පොලීසියට උපදෙස් ලබාදී තිබේ. නිරෝධායන නීති අනුව එම උද්ඝෝෂණය පැවැත්වීමට නොහැකි බවට තලංගම පොලීසිය විසින් ඔවුන් දැනුවත් කර තිබුණි.

කෙසේවෙතත් එය නොතකමින් සමගි ජනබලවේගය පක්ෂය පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ උද්ඝෝෂණය පවත්වා ඇති අතර පුද්ගල දුරස්ථභාවය හෝ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් ජනතාවට අවහිර වන සේ එම මහජන නියෝජිතයින් කටයුතු කිරීම පිළිබඳව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කෙරිණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රූපවාහිනි නාලිකා සතු සංස්කරණය නොකළ දර්ශන ලබාගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස කඩුවෙල මහෙස්‍ත්‍රාත් අධිකරණය පොලීසියට දැනුම් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad