මහින්දානන්දටත් කට වරදී : පොහොර හිඟයට පිළියම එලියට පනි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

මහින්දානන්දටත් කට වරදී : පොහොර හිඟයට පිළියම එලියට පනි !

පොහොර ප්‍රශ්නයක් ආවොත් චීනය ශ්‍රී ලංකාවට උදව් කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙතෙක් රහසක් ලෙස තිබූ කරුණක් හෙළිදරව් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම රහස හෙළි කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

මෙම රැස්වීමේදී බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා දැඩි ආවේගයකින් සදහන් කොට තිබෙන්නේ පොහොර නැතුව මිනිස්සු අනාථ වී සිටින බවත් බදුල්ලේ හා නුවරඑළියේ එළවළු වගා වගාකරන ගොවීන් ආණ්ඩුවට බනින බවත් එනිසා තමන්ට ගමට යන්නට බැරි බවත්ය.

චීනය ඕනෑම වේලාවක හිඟයකින් තොරව ශ්‍රී ලංකාවට පොහොර සැපයීමට සූදානමින් සිටින බවට වූ පණිවිඩය කෘෂිකර්ම අමාත්‍යවරයා හෙළිදරව් කර තිබෙන්නේ මේ අවස්ථාවේදීය.

-asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad