කොළඹ වරායට නුදුරු මුහුදේ මුහුදු බත් වෙමින් පවතින නෞකාව තුළ නයිට්රික් අම්ලය අඩංගු කන්ටේනර් 25 ක් පමණ තිබෙන බවත්, එම කන්ටේනර් තුළ අඩංගු නයිට්රික් අම්ලය මුහුදට මුසු වීමෙන් කිසිදු පියවිය නොහැකි හානියක් එම මුහුදු කලාපය තුළ සිදු වනු ඇති බවත්, ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසයි.
නයිට්රික් අම්ලය මුහුදට මුසු වීමෙන් එම මුහුදු කලාපයේ සියළුම ජීවීන් සහමුලින්ම විනාශ වී යා හැකි බවත්, කොරොල් පර පවා දියව යා හැකි බවත් ඇය අනුමාන කරයි.
අදාල නෞකාව තුළ රසායනික ද්‍රව්‍ය ඇති බවට තහවුරු වීමෙන් පසුව, ඉන්දියාව සහ කටාරය එම නැව ඔවුන්ගේ මුහුදු සීමාවට ඇතුළු වීම වලකා තිබිය දී ලංකාවේ බලධාරීන් නැව කොළඹ වරායට පැමිණීමට අවසර දී තිබුණි.


No comments:
Post a Comment