ගිනිගත් නැවේ කැප්ටන්ට විරුද්දව පැමිණිලි.. අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 27, 2021

ගිනිගත් නැවේ කැප්ටන්ට විරුද්දව පැමිණිලි.. අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට !

කොළඹ වරාය ඉදිරියේ ගිනිගැනීමෙන් පසු මුහුදුබත් වෙමින් ඇති නෞකාවේ කපිතාන්වරයාට සහ එම නැව අයිති සමාගමට විරුද්ධව වරාය පොලිසියට පැමිණිලි කර තිබේ. සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරන්නේ එම නැව ගිලී යාමෙන් මෙරට පරිසරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් මෙම පැමිණිලි කිරීම සිදු කළ බවයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය කටයුතු කරනු ඇතැයිද අධිකාරිය කියා සිටියි.

පොලිසියේ ප‍්‍රකාශකයෙක් කියා සිටියේ බොහෝ දුරට මෙම කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවය.


No comments:

Post a Comment

Post Bottom Ad