කොරෝනා පාලනය දොස්තරලාට පමණක් තනියෙන් කරන්නැයි කියයි.. සෙසු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගෙදර නවතින බව දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 27, 2021

කොරෝනා පාලනය දොස්තරලාට පමණක් තනියෙන් කරන්නැයි කියයි.. සෙසු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගෙදර නවතින බව දන්වයි

වෛද්‍යවරුන් නොවන සෞඛ්‍ය මන්ඩලවල පිරිස් තම රජකාරි සදහා පැමිණෙද්දී මහා මාර්ගයේදී පොලිසිය විසින් අනවශ්‍ය ලෙස සෝදිසි කිරීම සිදුකරන බව වෛද්‍ය රසායනාගාර වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන් නොවන සෙසු සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට මහා මාර්ගයේ ගමන් කරමින් තම රාජකාරි වලට පැමිණීමට මෙමගින් දැඩි බාධාවක් එල්ල වී ඇති බවයි.

වෛද්‍යවරුන් සිටින්නේ 25,000 කට ආසන්න ප්‍රමාණයක් බවත් සෙසු සෞඛ්‍ය කාර්යමණ්ඩල ලක්ෂයකට වැඩි පිරිසක් සිටින බවත් පොලිසිය දැනගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයක් මත පදනම්ව පොලිසිය විසින් මේ ආකාරයේ කරදරකාරී පරික්ෂා කිරීම් වලට ලක් කරන බවද ඔහු කියා සිටියේය.

මේ තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නම් වෛද්‍යවරුන්ට පමණක් වසංගතය පාලනයට අවස්ථාව දී සෙසු සියලු කාර්ය මණ්ඩල රාජකාරියෙන් ඉවත් ව ගෙදර නැවතීමට සිදු වන බවද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad