විදුර පෝට්සිටියට ජන්දය නොදුන් හේතුව එළියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

විදුර පෝට්සිටියට ජන්දය නොදුන් හේතුව එළියට

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ‌වරාය නගර පනත් කෙටුම්පතට ජන්දය භාවිත නොකළ හේතුව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ජන්දය විමසීමට පෙර විදුර වික්‍රමනායක මහතා ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත පණිවුඩයක් යවා තිබේ.

එම පණිවුඩය මගින් වික්‍රමනායක මහතා සදහන් කොට ඇත්තේ තමන්ට අසනීප තත්ත්වයක් හේතුවෙන් ජන්දය විමසන අවස්ථාවේ සිටීමට නොහැකි බවකි.

වික්‍රමනායක මහතා එදිනම කොරෝනා එන්නතද ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.

-mawratanews

No comments:

Post a Comment

Post Bottom Ad