කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරියක් සතුව ඉබේ මැවුණු මෝටර් රථයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 27, 2021

කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරියක් සතුව ඉබේ මැවුණු මෝටර් රථයක් !

රේගු නීති සහ අනෙකුත් නීති උල්ලංඝනය කරමින් විදේශ රටවලින් අමතර කොටස් ගෙන්වා මෙරටදී එකලස් කරන ලද මෝටර් රථයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (26) මෙහෙයුමක් සිදුකර තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු මතය.

අදාළ මෝටර් රථය ළඟ තබාගත් 56 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් ද වන බවය.

අදාළ සැකකාරිය මේ වනවිට වෙරළබඩ පොලීසිය වෙත භාර දී ඇත.

ඇයව අද (27) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

ඒ අනුව අදාළ මෝටර් රථය පිළිබඳ කිසිදු ලේඛණයක සටහන් වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad