මහරගම බැංකු අධ්‍යක්ෂක කෝටි 91ක ගේමක් ගහලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

මහරගම බැංකු අධ්‍යක්ෂක කෝටි 91ක ගේමක් ගහලා !

රුපියල් කෝටි 91ක මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහරගම පෞද්ගලික බැංකුවක අධ්‍යක්ෂකවරයෙකු ලබන 8 වෙනිදා වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගතකිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහරගම වත්තේගෙදර පදිංචි ප්‍රියංක කුමාර (44) නැමැති නැමති අයෙකි.

මෙම සැකකරු 2017, 2018 යන වර්ෂවලදී දිවයින පුරාම පැවති අදාළ පෞද්ගලික බැංකුවේ ශාඛා මඟින් මෙම මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

සැකකරු බිබිල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad