රටම ඇන්දූ ධම්මික පැණියට දී තිබූ බලපත්‍රය අහෝසි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

රටම ඇන්දූ ධම්මික පැණියට දී තිබූ බලපත්‍රය අහෝසි කරයි

ධම්මික පැණියට දී තිබූ බලපත්‍රය අහෝසි කරයි

ධම්මික පැණිය සම්බන්ධයෙන් කළ සායනික පරීක්ෂණවලින් එය ප්‍රතිශක්තිය වර්ධනය කරන අතිරේක ආහාරමය පානයක් බවට තහවුරු නොවීම නිසා ඊට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කළ බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.

ඔහු ඒ බව අනාවරණය කළේ, අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොරෝනා වසංගතයට සිදු කෙරන ආයුර්වේද ප්‍රතිකාර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි..

මාධ්‍යවේදියා: “ආයුර්වේද ප්‍රතිකාර ගැන කතා කරනකොට කොවිඩ් 19 සම්බන්ධයෙන් අපි ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ වගේ දැක්කා විවිධ ප්‍රතිකාර කරළියට එනවා. මාධ්‍ය මගින් සහ වෙනත් අයුරුවලින් ධම්මික පැණිය සහ වෙනත් එවැනි ප්‍රතිකාර පිළිබඳව එවැනි තවත් ප්‍රතිකාර ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලැබිලා තියනවා ද? ධම්මික පැණියට හම්බවුණා ඇපෘෘවල් එකක් අතිරේක ආහාරයක් ලෙස භාවිත කරන්න. එය තාමත් වලංගු ද?”

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසුවේ මෙවන් අදහසකි,

“මේ වන විට ඖෂධ 14 කට එවැනි නිර්දේශ ලබා දීලා ඒවා නීත්‍යනූකූලකරණය කරලා තියෙනවා. අර නමක් සඳහන් කරපු ඖෂධය සම්බන්ධයෙන් අපි තාවකාලිකව බලපත්‍රයක් ලබා දීලා තිබ්බා. නමුත් , ඒ සම්බන්ධයෙන් කළ සායනික පරීක්ෂණවලින් අපට තහවුරු වුණේ නැහැ එහි තියන සත්‍යතාවය, සාඵල්‍යතාවය සම්බන්ධව ඒ නිසා මේ වන විට ඒ ලබා දීලා තිබ්බ තාවකාලික අවසර පත්‍රය අපි අයින් කරගෙන තියෙනවා‌.”


කුමුදු ජයවර්ධන– මව්බිම

No comments:

Post a Comment

Post Bottom Ad