දැවැන්ත පාඩු මැද ශ‍්‍රී ලන්කන් උපදේශකයන් 18ක් බදවාගනී.. වැටුප් කෝටි 14යි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 14, 2022

දැවැන්ත පාඩු මැද ශ‍්‍රී ලන්කන් උපදේශකයන් 18ක් බදවාගනී.. වැටුප් කෝටි 14යි..

දැවැන්ත පාඩුවක් ලබමින් පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා රුපියල් කෝටි දාහතරක මුදලක් වාර්ෂිකව වැය කරමින් උපදේශකවරුන් 18 දෙනෙකු බඳවා ගෙන ඇතැයි වාර්තා වෙයි.
ගුවන් මගී සත්කාරක සේවා කාර්ය මණ්ඩල සේවා තත්ත්ව අධීක්ෂණය කිරීමට ද ගුවන් යානයක් තුළ කලමනාකාරවරයෙකු බැගින් සිටින අතර ඊට අමතරව කාර්යමණ්ඩල අධීක්ෂණයට මෙම උපදේශක කළමනාකරුවන් පත් කර ඇත.

මසකට රුපියල් ලක්ෂ පහකට අධික මාසික වැටුපක් ලබන මෙම උපදේශක කළමනාකරුවන් සමාගමේ බොහොමයක් ඉහළ කළමනාකරුවන්ට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා ගෙන දීමේ කටයුතුවල යෙදෙන බවද සඳහන් වෙයි.

ගුවන් සමාගමේ මගී සත්කාරක සේවා අංශය තුළ මොවුන් සේවයට යොදා සිටින බවද වාර්තා වෙයි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad