හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන, එක් විදෙස් රටකින් තවත් රටකට යැවීම පිටුපස යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.
සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ජන අරගලයට පෙර පොහොට්ටුවේ ඉහළ තනතුරු සහ ඇමැති ධුර හෙබවූ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ වැනි අය මෙරට ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවල නිරතව සිටියත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට නිසි ආරක්ෂාවක් නොමැති බව පවසමින් ඔහු විදෙස් රටවල තබාගැනීම සම්බන්ධයෙන් සැක මතුවන බවයි.
No comments:
Post a Comment