ශ්රී ලංකාවට රුසියාවෙන් බොරතෙල් නෞකා දෙකක් ආනයනය කර තිබේ.
අද රාත්‍රියේ ඉන් එක් නෞකාවක් බොරතෙල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් සහිතව මෙරටට පැමිණෙන බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
එමෙන්ම අගෝස්තු 23-29 අතර කාලයේදී තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000 ක් අඩංගු නෞකාවක් රුසියාවෙන් පැමිණි අමාත්‍යවරයා පවසයි.
බොරතෙල් පැමිණීමත් සමඟම දැනට අක්‍රිය පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම මිලදීගැනීම රුසියානු සමාගමකින් නොව මැදපෙරදිග පිහිටි තෙවන පාර්ශවයේ සමාගමක් හරහා මිලදී ගන්නා බවද මීට පෙර වාර්තා විය.
No comments:
Post a Comment