වහාම ක්‍රියාත්මක වන පරිදි DIG 9 දෙනෙකුට ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 49 දෙනෙකුට ස්ථානමාරු වීම් - විගස පුවත් - Vigasapuwath

Saturday, August 10, 2019

වහාම ක්‍රියාත්මක වන පරිදි DIG 9 දෙනෙකුට ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 49 දෙනෙකුට ස්ථානමාරු වීම්



ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 49 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු වීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  නීති, විනය හා කල් ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති W.M.M වික්‍රමසිංහ මහතා පත්කර ඇත්තේ, – රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

නියෝජ්‍ය පොලිස්පති B.R.S.R නාගහමුල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ. පලිහක්කාර මහතා පත්කර ඇත්තේ, පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ ධනපාල මහතා පොලිස්පති විශේෂ කාර්යංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පත් කෙරිණ.

පී.කේ.ඩී ප්‍රියන්ත මහතා, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සිට, නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මුල්‍ය අපරාධ විමර්ශන දිසාව ලෙස පත් කර තිබේ.

ටී.සී.ඒ ධනපාල මහතා පත්කර ඇත්තේ, පොලිස්පති විශේෂ කාර්යංශය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

මීට අමතරව, ප්‍රධාන පොලිස්පරීක්ෂකවරුන් අතුළු පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි, පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *