EXCLUSIVE : ජනාධිපති අපේක්‍ෂක ගෝටා.. මහින්ද පක්‍ෂ නායකයන්ට නිල ලෙස දන්වයි.. දෙදරන අත්පොලසන් මැද ඒකමතිකව අනුමතයි.. - විගස පුවත් - Vigasapuwath

Saturday, August 10, 2019

EXCLUSIVE : ජනාධිපති අපේක්‍ෂක ගෝටා.. මහින්ද පක්‍ෂ නායකයන්ට නිල ලෙස දන්වයි.. දෙදරන අත්පොලසන් මැද ඒකමතිකව අනුමතයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කොටගත් සන්ධානයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
අද පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සම්මේලනයට පෙරාතුව ඊයේ දිනයේ කැඳවන ලද ඒකාබද්ධ විපක්ෂ නායක හමුවේදී හිටපු ජනාධිපතිවරයා විසින් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නම යෝජනා කර තිබේ.

ඊට විකල්ප යෝජනා කිසියක් හෝ විරෝධතාවත් එහිදී ඉදිරිපත් වී නැත.

එහි සිටි පක්ෂ නායකයින් සියලු දෙනාම ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ එම නම ඒකමතිකව අනුමත කර ඇත්තේ අත්පුඩි ගසමිනි.

ඒ අනුව අද පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සමුළුවේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ජනාධිපති අපේක්‍ෂක ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *