උදුවප් පෝදා අරලිය මැදුරේ උඩුවේ හිමිගේ බණ කතාවට මහනාහිමිවරුන් විරුද්ද වෙති.. නිවේදනයක් එවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 12, 2019

උදුවප් පෝදා අරලිය මැදුරේ උඩුවේ හිමිගේ බණ කතාවට මහනාහිමිවරුන් විරුද්ද වෙති.. නිවේදනයක් එවයි

දුවප් පොහෝදින අරලියගහ මන්දිරයේදී පැවැත්වූ අමාදම් සිසිල ධර්ම දේශනාවේදී මිලින්ද මොරගොඩ සම්බන්ධයෙන් ප්‍රකාශ වූ කරුණු නිවැරදි නොවන බව මහානායක ස්වාමීන් වහන්සේලා නිවේදන නිකුත් කරමින් ප්‍රකාශකර සිටිති.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ කුලපති,කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගන්ධී පාර්ශ්වයේ මහා නායක ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි යන මහානායක ස්වාමීන් වහන්සේලා මෙම නිවේදන නිකුත් කර තිබේ.

මිලින්ද මොරගොඩ ජාතික සහ ජාත්‍යන්තර සම්බන්ධතා උපයෝගි කරගනිමින් සම්බුද්ධ ශාසනයටත්,රටටත් මහඟු සේවයක් සිදුකරන අයකු බවත්,ඔහු සම්බුද්ධ ශාසනයේ ප්‍රගතිය උදෙසා නිරතුරුව ක්‍රියා කරන සිංහල බෞද්ධයකු බවත් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්කර තිබේ.

ඔහු උගතෙක් සේම බුද්ධිමතකු බවත්,රට වෙනුවෙන් තම යුතුකම ඉටු කළ යුතු යැයි සිතන දේශයට ආදරය කරන පුරවැසියකු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති,කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් සිය නිවේදනයෙන් දක්වා තිබේ.

මිලින්ද මොරගොඩ ජාතිකත්වය වෙනුවෙන් පසුගිය වකවානුවේදී වැඩකළ අයකු බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගන්ධී පාර්ශ්වයේ මහා නායක ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි නාහිමියන් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

– aruna


No comments:

Post a Comment

Post Bottom Ad