අභාවප්‍රාප්ත වූ රංජිත් සොයිසාගෙ මන්ත්‍රී ධුරය සඳහා උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ පත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 12, 2019

අභාවප්‍රාප්ත වූ රංජිත් සොයිසාගෙ මන්ත්‍රී ධුරය සඳහා උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ පත් කරයි



පසුගිය දා අභාවප්‍රාප්ත වූ රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ පත් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් නිකුත් කරනු ලැබුවා.

2015 මහමැතිවරණයේදී රංජිත් සොයිසා මන්ත්‍රීවරයාට පසු වැඩිම මනාප ලබා ගනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ වරුණ ලියනගේ අපේක්ෂකයායි.

කෙසේ වෙතත් ඔහු මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නිවිතිගල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad