මරාන්තික කොවිඩ් වංගතය හෙවත් දෙවන කොවිඩ් රැල්ල පැතිරි යාමට ප්‍රමුඛ පෙලේ ඇගළුම් ආයතනයක් වන බ්‍රැන්ඩිස් ආයතනයේ පාලන අධිකාරියේ නියෝජිතයන්ගේ හෝ රජයේ ඉහළ වගකිවයුතු නිළධාරින්ගේ නොසැලකිල්ලක් හෝ අපරික්ෂකාරිත්වයක් හේතු වේ ද? යන්න පිළිබදව වහාම විමර්ශනයක් සිදු කර සති දෙකක කාලයක් තුල තමාට වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති වරයාට පසු ගිය ඕක්තෝම්බර් 27 වන දින නියෝග කලේය.
අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපතිවරයාට පැවරෙන බලතල අනුව මෙම විමර්ශණය කරන ලෙස නියෝග කර ඇති අතර දෙවන කොවිඩ් පැතිරි යාමට ඔහුන් කර ඇත්තේ දාණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදවල් ද? නොවේසේ නම් නිරෝධායන හා වංසගත රෝග වැලක්විම යටතේ දඩුවම් ලැබිය හැකි වරදවල්ද? යන්න පිළිබදව මෙම විර්ශනයේදි සොයා බලන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකාර නිළධාරිවරිය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
බ්‍රැන්ඩිස් පොකුර නිසා පොදු ජන ජිවිතවලට සිදු වි ඇති අන්තරා දායක තත්ත්වය පිළිබදව නීතිපතිවරයාගේ අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබදව පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාට ද උපදස් ලබා දි ඇත. බ්‍රැන්ඩිස් පොකුර ගැන විමර්ශනය කිරිම සදහා ජේෂ්ඨ නිළධාරින්ගෙන් සමන්ව පළපුරුදු විමර්ශණ නිළධාරින් යොදවන ලෙස ද උපදෙස් ලබා දි ඇති නීතිපතිවරයා මේ පිළිබද ප්‍රගතිය නොවැම්බර් 13 වන දිනට පෙර වර්තා කරන ලෙස නියෝග කර ඇත.
නීතිපතිවරයාගේ නියෝගය ලබා දි මේ වනවිට සති දෙක ඉක්මවා ගොස් ඇත. නීතිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ අජිත් රෝහන මහතා මේ පිළිබදව කිසිවක් ප්‍රකාශ කර නැත. පොලිස්පතිවරයාට නියම කල ජේෂ්ඨ නිළධාරින්ගෙන් සැදුම්ලත් විමර්ශන නිළධාරින් කවරෙක්ද? යන්න පිළිබදව මෙතෙක් අනාවරණය වි නැති අතර නීතිපතිවරයාගේ නියෝගය ඉටු කලේ ද? යන්න පිළිබදව පැහැදිලි නැත. නීතිපතිවරයාගේ නියෝගය යටපත් කිරිමට හදිසි හස්තයක් හිස එසව්වේ ද යන සාධාරණ සැකය පොදු මහත් සමාජයටම ඇත.
බ්‍රැන්ඩිස් පොකුරේ මුලාශ්‍රය සොයා ගැනිමට නොහැකි විමත්, සුක්ෂමව මිනුවන්ගොඩ පොකුර බවට පත්විමත්,පෑලියගොඩ පොකුර බ්‍රැන්ඩිස් පොකුර යටපත් කර ගෙන දෝරේ ගලායමත්, කොරොනා දෙවන රැල්ලේ චිත්‍රයෙන් බ්‍රැන්ඩිස් ආයතනය මැකි යාමත්, යුක්රේන් ජාතිකයින් හරහා පැතුරුණු බවට නව කතාවක් නිර්මාණය කිරිමත්, හරහා බ්‍රැන්ඩිස් අයාතනය බේරාගැනිම අරමුණින් ආණ්ඩුවේ ඉහල නිළධාරින්ගේ තොරතුරු වසංකිරිම සදහා මාධ්‍ය මෙහෙයුමක් දියත් කල බව පසුගිය සති කිපයේ නිරික්ෂණය කල හැකි විය.
බ්‍රැන්ඩිස් පොකුර නිර්මාණය වු ආකාරය ගැන ප්‍රමාණවත් සාක්ෂි හෙලිදරව් වුවද පසුගිය ජනාධිපති වරණයේ දි තමන්ට උදව් කල අයට රිසි සේ හරි හම්බකර ගැනිමට ඔහුන්ගේ කැදර ධනතන්නාවට ඉඩ දි එය ඉටුකර ගැනිමට කොරොනා නීති හා නිරෝධායන නීති නොසලකා හැර ඇති ආකරයත්, නොසැලකිලිභාවය හා අපරික්ෂකාරිවය ඕනැවට වඩා පෙන්නුම් කර ඇති අතර මේ ගැන අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක්, ජනාධිපතිවරයාගේ ලගම නිළධාරින් අනුගමනය කර ඇති බවට තොරුතුරු හෙලිදරව් වි ඇත.
දැන් මේ වසංගතය ආණ්ඩුව හිගන්නාගේ තුවාලය බවට පත් කරගෙන තම ගජමිතුරන්ගේ ධනෝපායන මාර්ගයක් බවට පත් කර ගැනිමට ඉඩදි, කොවිඩි වසංගතය මැඩලීමේ මුවවෙන් එම ජාවරම් රිසි සේ කරගෙන යාමට ඉඩ දී ඇත. එබැවින් එම වංසගතය රටතුළට කැදවා පැතිර විමට ඉඩ හැර තම හිතමිතුරන්ට ගජමිතුරන්ට වසංගතය, වසන්තයක් කර ගන්නට ඉඩ දි ඇද්ද යන්න සාධරණ සැකයත් මතුවන අතර කොරොනා දෙවන රැල්ලේ වරද කාගෙද? විමර්ශනයක් කරන්න යැයි නීතිපතිවරයා පොලිස්පතිට දුන් නියෝගයට සිදු වන්නේ කුමක් දැයි අපි විමසිල්ලේන් බලා සිටිමු.
නිශාන්ත ශ්‍රිවර්ණසිංහ
මහජන අවධිසභාව
කැදවුම්කරු

No comments:
Post a Comment