මගේ තාත්තා හිරබත් කන්නේ රටේම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළ නිසා - අසේලගේ දියණිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 15, 2021

මගේ තාත්තා හිරබත් කන්නේ රටේම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළ නිසා - අසේලගේ දියණිය

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ජාතික සංවිධායක, සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා වෙනුවෙන් පෙනී සිටින ලෙස ඔහුගේ දියණිය රටේ ජනතාවගෙන් ඉල්ලා සිටී. 

"මගේ තාත්තා ගැන මට ආඩම්බරයි. හේතුව, එතුමා අද හිරේට ගිහින් ඉන්නෙ අපේ රටේ මිනිස්සුන්ට සිද්ධ වෙන අසාධාරණකම් ගැන කියන්න ගිහිල්ලා. එහෙම නැතුව ස්ත්‍රී දූෂණ කරන්නවත් මංකොල්ල කන්නවත් අපට කන්න අඳින්න ගේන්න ගිහිල්ලාවත් නෙවෙයි. මගේ තාත්තා අද හිරබත් කන්නෙ සමස්ත ජනතාව වෙනුවෙන් ශ්‍රී ලාංකීය දෙකෝටියක් ජනතාව වෙනුවෙන් ඔවුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා. 

අපට අවුරුදු කන්න අවස්ථාවක් නොදී අපේ තාත්තාව ඉතාමත් අමානුෂික විදියට පොලිසිය විසින් අත් අඩංගුවට අරගෙන වැරදි කරුණු හරහා රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා බොහොමත්ම අසරණ තත්වයට පත්කරලා තියෙනවා අපේ පවුල. ඒ ගැන බොහොම කණගාටුයි. මම සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා ඔබ වෙනුවෙන් තමයි මගේ තාත්තා හඬ නැගුවෙ, ඔබ එකතුවෙන්න අපිත් එක්ක. අසේල සම්පත් කියන කෙනා හිර කෙරුවාට ඔහුගේ අදහස් හිර කරන්න බෑ. නම්‍යවෙච්ච නීතියක් රටේ තියෙනවා, ඒ නම්‍යවෙච්ච නීතිය ඇතුළෙ නීතියේ සාධාරණත්වය ඉෂ්ඨ කරන්න කියලා බොහොමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා" යනුවෙනුයි ඇය සඳහන් කළේ. 

අසේල සම්පත්ගේ මහතාගේ දියණිය වන අග්‍රා දිනෙති මේ බව ප්‍රකාශ කළේ ජන බල පවුර සංවිධානය විසින් ඊයේ (15) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad