කොළඹ වරාය නගර සංවර්ධන පනත් කෙටුම්පත වැඩි ජන්ද 89කින් සම්මත වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 20, 2021

කොළඹ වරාය නගර සංවර්ධන පනත් කෙටුම්පත වැඩි ජන්ද 89කින් සම්මත වෙයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර ඡන්ද විමසීමේ දී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

එහිදී ඊට පක්ෂව ඡන්ද 148ක් සහ විපක්ෂව ඡන්ද 59ක් හිමිවිය. 

ඒ අනුව වැඩි ඡන්ද 89කින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත වුණි.

පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි. 

මේ වන විට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන අතර එහිදී ඊට අදාළ සංශෝධන එක් කිරීමට නියමිතය.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර අනතුරුව ඊට එරෙහිව පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළේය.

එම පෙත්සම් විභාගය අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුණු අතර එහි තීන්දුව කථානායකවරයා වෙත යොමු කෙරිණි.

පසුගිය 18 වනදා  පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කළ යුතු බවට දැන්වූ අතර නොවසේනම් පාර්ලිමේන්තු තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කර ඇති බවය.

කෙසේවෙතත් පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීමට ආණ්ඩුව තීරණය කළ අතර පනත් කෙටුම්පතට අදාළ විවාදය ඊයේ (19) සහ අද දිනයේ පැවැත්විය.

No comments:

Post a Comment

Post Bottom Ad