පෝට්සිටියේ මුල්පුටුව බැසිල්ට? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

පෝට්සිටියේ මුල්පුටුව බැසිල්ට?

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ පළමු සභාපති ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා පත්කරන ලෙසට ආණ්ඩුවේ ප්‍රධානීන් හට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබී ඇති බව දැනගන්නට තිබේ. කොළඹ වරාය නගරය මෙහෙයවීමේදී බැසිල් රාජපක්ෂ මහතා සතු ජාත්‍යන්තර සම්බන්ධතා ජාලය විශාල ප්‍රයෝජනයක් විය හැකි බව ඔවුන්ගේ මතය වී තිබේ.

ඒ අනුව ආණ්ඩුවට මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති පිරිස පෙන්වා දී ඇත්තේ ඇමෙරිකානු, ඉන්දියානු සහ යුරෝපා ආයෝජන නොමැතිව වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කරගත නොහැකි බවකි.

ඒ අනුව වරාය නගර කොමිෂන් සභාවේ සභාපති ධුරයට නියම සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා බවද ඔවුන්ගේ මතය වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad