මිනිස්සු දුක් විඳිනවා... කියන්න කෙනෙක් නෑ... දළදා හාමුදුරුවො බලන්නෙත් නෑ... ශ්‍රී මහා බෝධීන් වහන්සේ බලන්නෙත් නෑ! (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

මිනිස්සු දුක් විඳිනවා... කියන්න කෙනෙක් නෑ... දළදා හාමුදුරුවො බලන්නෙත් නෑ... ශ්‍රී මහා බෝධීන් වහන්සේ බලන්නෙත් නෑ! (video)

අද ජනාධිපතිතුමා ජාතිය අමතනවා කියලා ආරංචි බවත්, මොනවා කිව්වත්, පාලකයෝ ගැන තුට්ටුවක විශ්වාසයක් ජනතාවට අද නොමැති බවත් අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

අද අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කීහ.

අද ජනතාව දුක් විදින බවත්, ඒ දුක කියන්න අද පාලකයන් නොමැති බවත් උන්වහන්සේ කීහ.

අද රටට සාපයක් වැදී ඇති බව තමන් වහන්සේට සිතෙන බව කී උන්වහන්සේ එදා රට රැක දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ හෝ දළදා වහන්සේ පවා අද මේ රට දෙස නොබලන බවද උන්වහන්සේ කීහ.


No comments:

Post a Comment

Post Bottom Ad