රට ශක්තිමත් කළ ගමන් ජනපති රනිල්ගෙන් මැතිවරණ වැලක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 13, 2022

රට ශක්තිමත් කළ ගමන් ජනපති රනිල්ගෙන් මැතිවරණ වැලක්!

රට නැවතත් ශක්තිමත් කළ සැණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණ වැලක්ම ලබාදෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. 
එසේවෙතත් මේ මොහොතේ අවශ්‍ය වී ඇත්තේ මැතිවරණයක් නොව රට ජාතික මාවතකට ගැනීම සඳහා අරගලයක් බව පැවසූ ඒ මහතා මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලීම යනු රට නැවතත් කුණු බක්කියට ඇද දැමීමක් බවයි සඳහන් කළේ.

ඇදවැටුණු රට අනිවාර්යයෙන්ම ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔසවා තබනු ඇති බවත් වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර බොහෝ දේශපාලනඥයින් ඉල්ලුවේ ඡන්දයක් නොව හැංගෙන්නට තැනක් බව සිහිපත් කළ ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන කෙටි කාලයක් ඇතුළත රට යම් සාමාන්‍ය තත්වයකට රැගෙන පැමිණ ඇති බවත් ප්‍රකාශ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad