අහුන්ගල්ලේ පාර මැදදී T56කින් වෙඩි තැබූ වෙඩික්කරු ඊයේ STF එකේ වෙඩිල්ලකින් මරුදකී! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 13, 2022

අහුන්ගල්ලේ පාර මැදදී T56කින් වෙඩි තැබූ වෙඩික්කරු ඊයේ STF එකේ වෙඩිල්ලකින් මරුදකී! (VIDEO)

අහුංගල්ල නගරයේ පෙරේදා (12) සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ. 
සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් උත්සාහ කිරීමේදී සැකකරු පිස්තෝලයකින් වෙඩිතබා ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් එල්ල කර වෙඩි ප්‍රහාරයකින් සැකකරු මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

අහුංගල්ල නගරයේ හෝටලයක් ඉදිරිපිටදී ඊයේ වෙඩිතැබීම සිදුවී තිබූ අතර මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරු ත්‍රීරෝද රථ ගාලක් අසල සිටි පුද්ගලයෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර තිබුණි.

වෙඩි තැබීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණි.


No comments:

Post a Comment

Post Bottom Ad