සජිත්ට පක්ෂ නායකත්වය ඉල්ලා රැස්වීම් මාලාවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 12, 2019

සජිත්ට පක්ෂ නායකත්වය ඉල්ලා රැස්වීම් මාලාවක් !

ක්ෂ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙස ඉල්ලා රැස්වීම් මාලාවක් දීපව්‍යාප්තව ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය තීරණය කර ඇත.

ලබන අඟහරුවාදා කොළොන්නාව ආසනයෙන් එම රැස්වීම් මාලාව ආරම්භ කිරීමට නියමිතය. මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය නගා සිටුවීමට නම් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදිය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.

රැස්වීම් මාලාව යටතේ කෝට්ටේ සහ මොරටුව යන ප්‍රදේශවල ඉන්පසු රැස්වීම් පැවැත්වීමට නියමිතය. අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලද රැස්වීම් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කඩිනමින් කැඳවන ලෙස ඉල්ලා සජිත් පාර්ශ්වය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටීමද සූදානම් වෙයි.

උදයජීව ඒකනායක


No comments:

Post a Comment

Post Bottom Ad