FCID පැමිණිලි බාර නොගනී.. රනිල් පැමිණිලි එවන තෙක් බලා සිටී - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 12, 2019

FCID පැමිණිලි බාර නොගනී.. රනිල් පැමිණිලි එවන තෙක් බලා සිටී

සුගිය රජය සමයේ පිහිටුවන ලද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පැමිණිලි භාර නොගන්නා බව සඳහන් කර ඇත.

අද පෙරවරුවේ එම කොට්ඨාශයට පැමිණිල්ලක් කිරීමට ගිය ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාට ඔවුන් දන්වා ඇත්තේ එම කොට්ඨාසය විසින් පැමිණිලි බාර නොගන්නා බවයි.

එහිදී මුසම්මිල් මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ පසුගිය රජය සමයේ පිහිටුවන ලද මෙම නීතිවිරෝධී කොට්ඨාසයට පැමිණිලි ලබා දෙන ලද්දේ දේශපාලනඥයින් විසින් බව තව තවත් තවදුරටත් අද දින තහවුරු වූ බවයි.

එම කොට්ඨාශය යහපාලන ආණ්ඩුවෙන් පැමිණිලි එන තෙක් බලා සිටිනවා විය හැකි යයිද ඔහු කීයේය.


No comments:

Post a Comment

Post Bottom Ad